සබඳ නුඹ මම UCSCමාතාවගේ සෙවනේ එක්ව සිප්සතර හදාරා එක බත්පත බෙදාගෙන කෑ කාලය නිම වෙන්නට කල් එළැඹී ඇත එහෙත් නුඹ මම ඒ එක්ව ගතකල කාලය කිසිකලක අප සිත් තුලින් අමතක නොවනු ඇත ඉතින් ඒ සුන්දරවු මතකය අවදි කර ඔබේ විඩාබර මොහොතට සිනහවකින් ජීවයක් ගෙනෙන්නට ඉතින් අවසර.......
ඕන්න ඉතින් විභාග,රැකියා ජරමර අස්සේ පොඩ්ඩක් පාඩුවේ හිටියා ඉස්සරහටත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්නම් ලොකු ඒවා පස්සේ හොදේ.......නයයි මුගටියයි-කැන්දුයි බම්බයි....,පොෂ් කෙල්ලන්ට පෙම් බදින අපේ පව් කොල්ලො....

UCSC එකේ වැලක්...

6:05 AM
හා හා පුරා කියා මා වෙත ආ, මගේ පලමු හිතවතා ගේ කැමාරාවේ සටහන් වූ මේ අගනා රූප පෙල ඔබ වෙත ගෙන එන්නේ මහත් වූ සතුටෙනි. තවද, UCSC එකේ අප අතරේ සනිටුහන්වූ ආදරණීය මතකය සිහිපත් කර සතුටුවීමට මා හා එකතු වන ඔබ සාදරයෙන් පිළිගනීමටද මෙය අවස්තාවක් කර ගනිමි. 

 ගිය සතියෙ සිකුරාදා UCSC එකේ අන්තිම දවසෙ lectures වලට සහභාගී වෙන්න ආව අපි කවුරුත් ලඟ වෙනදා නොතිබුනු දුකක් හැංගිලා තිබුනා. අපේ අය ඉතින් ඉස්සර ඉඳලම දුකට සැපට දෙකටම කරපු දේවල් වලින් එකක්නෙ ඉතින් බකට් කරපු එක. ඉතින් ඔන්න අපේ එවුන් සිකුරාදත්, දිගට හරහට [වැලට] බකට් කරගන්න පටන් ගත්ත. ඔය අතරෙ පරන ඇරියසුත් ගන්න කට්ටිය අමතක කලෙ නෑ.......(බොරළුගොඩ ගල් වඩියා එහෙම)

ඉස්සෙලාම උනේ අපේ බනකටවත් නිදි මරනෙ නැති තලන්නගෙ බකට් එක.
 
තලන්නගේ බකට් එක ඉවර වෙලා ඒ අහින්සකයව කොට්ටම්බ කොල ගොඩක් අස්සෙ ගහන්නත් පතන් ඇතුලු මිතුරු කැළ අමතක කලේ නෑ.


ඔය අතරෙ, ගමයත් කොහෙදෝ යන කරුමයක් හින්දා, නුවර කෝච්චියේදි හදිසි අනතුරකට මුහුන දීල තුබුනා. මේ හදිසි අනතුර නිසා මිනිහට හදවත් සැත්කමක් කරල හාර්ට් එකට පොම්පයක් බද්ද කරන්න පවා සිද්ද වෙලා තියෙනව. ඉතින් මිනිහගෙ බකට් එකේදි, මේ හදවත් සැත්කම සිද්ද වෙච්ච හැටි ලැජ්ජාවක් නැතුවම ඔක්කොම ඉස්සරහ ගමයා වැමෑරුවා. මිනිහ වැමෑරුවාට මොකද, පොම්පෙනම් එච්චර හිත හොදින් හිටියෙ නෑ මේ සිදු කරපු එළිදරව්ව ගැන. සමහර විට පස්සෙ මිනිහට වැමෑරුව ඒව කන්න හිතෙන්න ඇති.   

ගමයගෙ බලන්න මෙතන ඔබන්න.

ඔන්න ඉතින් ඔය බකට එකෙන් පස්සෙ, කොට බඩ තඩි සොත්ති, උස හීන්දෑරි කන්න, එහෙමත් බකට උනේ පරණ ඇරියස් වලට.

ඔය අතරෙ, හන්තානෙ කදු නගිද්දි ගොඩගිය අපේ රංජිත් බාසුන්නැහේටත් කනේරු ගහ අස්සෙ ඇඹුල් කැරට් අලයක් කකා ඉද්දි වතුර පාරක් වැදිලා තිබුනා....
Read On 0 comments

Fiton room එකේ තනිවුනු අපේ ඩබල...

8:34 AM
ඔන්න ඉතින් upcoming posts වල තිබුනනේ fiton room එකේ තනි උනු ඩබල කියල. කට්ටිය බොහොම කුතුහලෙන් බලාගෙනත් හිටියනේ මේ ඩබල කව්ද කියල. ඔන්න එහෙනම් බලා ගන්න කව්ද කියල.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*





ආ දැන් හරිද බලාගත්තද? හිතපු දේ නෙමෙයිද තිබුනෙ. එදකින් බං උඹල නම්. හිත් අන්තිම කැතයිනේ. ෂිහ් බං.මේ අපේ පිස්සු පලයි කපුටියි දෙන්නා RAD project එකට උන්ගෙ client(maxmaara) එකට ගිහිපු වෙලාවෙ ගත්ත vedio එකක්. අපේ බැච් එකේ එවුන් කවදාවත් එහෙම අතන මෙතන චාටර් වෙලා නෑ හරිද...
Read On 1 comments

හඳුනා ගත්තොත් ඔබ මා............

5:59 AM
   

තමාගේ  හද පතුලේ ගැඹුරුම තැන උපන් ආලය  තමාගේ මුදල් පසුම්බියේ මෙසේ ලියා තිබියදි ගත් ජයාරුපයක් පැපරාසියාට මේල් මගින් ලැබුනි.මෙහි හිමිකාරිය අනුමාන කිරිමට ඔබටත් අවස්ථාවක් දිමට අපි තීරණය කලෙමු.ඔබේ අනුමානය කවුද..?

හිමිකාරිය කවුද.....?




Read On 4 comments

සුරා සූදුවෙන් තොරයි. කාමෙට බරයි....

11:53 AM

අපේ බැජ් එකේ ස්වමින් වහන්සේගෙ ගැන හැමෝම දන්නවනෙ.ඉතින් ඔන්න එයා ගැන රහසක් Ghossip UCSC වෙත හම්බ උනා. ඒක නම් ලොවෙත් නෑ......
ස්වාමින් වහන්සෙ කෙනෙක් වගේ කිව්වට මෙයාගෙ වැඩ තමයි වැඩ.හොර බලල්ලු කියනව නොවැ මීයො 2න්න 2න්න අල්ලන්නෙ. හොහ්...හොහ්... හෝ.... ඔය තියෙන්නෙ සාක්කිත් එක්කම.
මේදවස් වල මාතර පොෂ් කෙල්ලෙක්ව දැලේ දාගෙන හිටියට මොකද (අනෙ..හුකේ..)  කලින් මෙහෙම කියක් හිටියද කියල දෙය්යො තමයි දන්නෙ.

....තව පොඩ්ඩෙන් අමතක වෙනව අර පොෂ් කෙල්ලගෙ කතාව කියන්න. මේ දෙන්නගෙ හුට පටෙ පටන් ගත්තෙ මේ ලගඳි කියලනෙ හමොම හිතගෙන ඉන්නෙ.
පැපරසියට අරන්ච් උන විදියට මෙකෙ මුල අපේ හන්තානෙ ට්රිප් එක.
සෑහෙන්න කාලයක් මෙ දෙන්නා batch එකේ හැමෝගෙම ඇස් වහගෙන කරගෙන ගිහින් තියෙනවා.
කොහොම හරි ස්වාමින් වහන්සෙ අන්තිම මොහොතෙ වැඩේ ගොඩ දාගත්තා. සාඩු....සාඩු....සා......


ආයෙ අමතක වෙනව.ඔන්න අහගන්නකො ඉතින් අර කතාව,
ඉතින් මේ ලඟදි දවසක අපේ බැජ් එකේ කොල්ලෙක් මේ පොෂ් කෙල්ල්ගෙන් ඇහුවලු සාදු කෝ කියල. මේ කෙල්ල අමුතු විදිහට මුන හකුලගෙන "කව්ද අසංකද??? " කියල ඇහුවලු. මේ සිද්දියට මුහුන දීපු කොල්ල ඔක හැම තැනම කිය කියා හිනාවෙනකොට පැපරාසියගෙ කනටත් වැටුන නෙව.

Read On 0 comments

දඟරයකට පෙම් කල එළවලළුව.....

11:47 AM


මේ කථාව කියන්න යන්නේ මාතර ඈත එපිට දෙනියාය නම් ගමේ ඉදලා UCSC එකට ආපු කොට කොල්ලෙක් ගැන. Gossip UCSC එකට ආරංචි වෙලා තියෙනවා, එයා එම දිස්ත්‍රික්කයේම කොට අඟර දඟර හැඩයක් ඇති නංගිකෙනෙක් පස්සෙන් ගියා කියල.එයා දේශන වලදිත් අර නංගිට පෙන්න ලකුණු දාගන්න ඩෙස් උඩින් එහෙම පැන්න කියලත් ආරංචියි....

එයගේ බලාපොරොත්තුවක් තිබුනලු හාදු වැස්සක්  වැටි අර නංගිගේ තුරුලට යන්න.එයාගෙන් කැමත්තත් ඇහුව කියලායි අපිට අරංචි..හැබැයි සුපුරුදු පරිදි ඇණ වුනාලු.එකට හේතුව වෙලා තියෙන්නේ ඒ මල්ලිගේ තියෙන පන්ඩිතකමලු. එයා මෙන්න මෙහෙම් එයගේ බ්ලොග් එකේත් ලියලා තිබුන කියලා UCSC gossip එකට දැන ගන්න ලැබුනා. අපිට ලැබි ඇති අරංචි මාර්ග අනුව එ නංගිත් වෙන ඒ උසම තියෙන කොල්ලෙක් ගැන හිතේ තියගෙන ඉන්නවලු. තවද මෙ මල්ලි දැන් junior batch එකේ කෙල්ලෙක් පස්සෙන් යනවා කියල අරංචි. අරකොට නංගි තාම තනිකඩයිලු. තාම එයාගේ හිතෙහි තියෙන ප්‍රේමයට උනේ මොකක්ද කියල අරංචි නෑ.
Read On 3 comments

කඩුවෙන් බැරිනම් මන්නයෙන්....

11:00 AM

  
මේ කථාව ගෙතෙන්නෙ ලගදි ඉඳන් Networking මීටරයක් වේගන වේගෙන එන හාදයෙක් ගැන.
UCSC එකේ ශ්‍රී විභූතිය විදහා පාමින් පසුගිය දා නිමාවූ iFo++ අධ්‍යාපනික  ප්‍රදර්ශනයේදී තමා මේ අහස පොලොව නොහූලන කළබැගෑනිය මේ හාදයාට සිද්ද වුනේ.

ඇස්වහක් කටවහක් නෑ රට හතර දිග්භාගයේම පාසල් වලින් කොළඹ විශ්ව විද්‍යාලය පිරෙන්නම ළමයි ආව බව කවුරුත් දන්නවනෙ. ඔය අතර හිටිය කල්මුණේ ඉඳන්ද කොහෙද ආව චූටි නංගිලා ටිකක්. ඉතින් අපේ මේ අදාල පුද්ගලයත් දත කට මැදගෙන වුන්නෙ අතපය දිග ඇරල add එක දාල තමන් දන්න එකම දේ අර නංගිලා ටිකට උගන්වන්න.

මෙහෙම හිටියට මොකද, මිනිහගෙ නවදොරෙන්ම දුන් පිටවෙන්න ගත්තෙ, පස්සෙන්ම හිටගෙන හිටිය නංගි කෙනෙක් කිසිම බයක් සැකක් නතිව, සුද්ද සිංහලෙන්ම "Can you explain in English ayya " කියල කිවුවහම.මුන්දත් ඉතින් අත ඇරියෙ නෑ. ඔන්න ඉතින් තම අසීමිත පුරුෂ ලක්ෂන බොහොම අමාරුවෙන් අඟට ඇරගෙන "කඩ්ඩෙන් Networking" පාඩම, තේරෙන ඉංගිරීසියෙන් කරන්න පටන් ගත්ත.  

අනේ අවාසනාවක මහිම. අතපය දිග ඇරල add එක දාල "කඩ්ඩෙන් Networking" පාඩම උගන්වනව කෙසේවෙතත් කැඩිච්ච රෙඩියෝ එකක ප්‍රවෘත්ති අහනව වගේ තමයි ඔන්න දැන් වැඩේ යන්නෙ.

අනේ අර ඉන්ගිරීසියෙන්ම "Can you explain in english ayya" කියපු නංගි, කියපු මෝඩ කම කියල හිතිලද කොහෙද මේ අයියට ඈත ඉදන්ම කැඩිච්ච සිංහලෙන් කතා කරලා  "කමක් නෑ අයියා, ඔයා දන්න සිංහලෙන් කරන්න." කියලා කිවුවලු.

අනේ ඉතින් අපේ පොත්තා Networking උගන්වන්න ගිහින් වෙච්ච මේ අවමානය මතක් වෙද්දි තවමත් පොළොවෙ පස් කනවා...
Read On 9 comments

ගෙම්බා ගියා කඩේ අරගෙන ලොකු කුඩේ...

7:15 AM
එදා මහ මූසල දවසක් රෑ ඉදන් වහිනවා ඉතින් උදේ 9.00 පහුවෙනකුත් වැස්සේ අඩුවක් නෑ...මේ වැස්ස කොහුවල පැත්තෙ බෝඩිමකටත් ඉතින් ඒ විදියටම බලපෑවා.බොඩිමේ ඉන්න පොරවල් ටිකට උදේ කන්න යන්න විදියක් නැතුව ජාතිය අමත අමත ඉන්නවා මොකද කන්න තැනක් හොයා ගන්නත් හත්ගව්වක් දුර යන්නත් ඕන, බොඩිමේ කුඩත් නෑ....


ආරංචියේ හැටියට මේ බෝඩිමේ ඉන්නවා රෑටකන්නෙ නැති එකෙක් දෙයියො තමයි දන්නෙ මොකද කියලා මේ පහලින් ඉන්නෙ පොර තමයි.පොරට මාර බඩේ ගින්දරේ ඉදලා තියෙන්නෙ බෝඩිම පෙරලා පෙරලා කුඩයක් හෙව්වලු කුඩ නෑ..බැරිම තැන එලියෙ තිබුනු බේසම අරගෙන ඔලුවෙ නවාගෙන පහත පරිදි එලියට බැහැලා කඩේ ගියාලු.




ඊට පස්සෙ තමයි හොදම දේ වෙලාතියෙන්නෙ. පොර බේසමත් ඔලුවෙ නවාගෙන දැන් දෙනොදාහක් ඉන්න මහ පාරේ බ'නාඩ් එක පැත්තට යනවලු වාහන කීපයක්ම නවත්තලා මේ අලුත් කුඩේ දිහා බැලුවා කියලා තමයි සිද්ධිය ඇහින් දුටු අය කියන්නෙ. මේ ඔක්කොටම වඩා බඩේ ගින්දර ලොකුයි කියලා මිනිහා කොහොමහරි ඔන්න කඩයක් හොයා ගත්තා. ඉතින් ගෙනපු කුඩේ ලොකු නිසා ඇතුලට ගෙනියන්න විදියක් නෑ...පොර කුඩේ කඩේ ඉස්සරහින් තියලා ඇතුලට ගිහින් හොදට කොටාබාල එන්න එලියට ඇවිත්....මෙන්න බොලේ මිනිහගෙ බේසමට කුඩ ගොඩක් ඇවිල්ලා, මිනිහට මාර අවුල මේ අතර කඩේ මුදලාලි අතුලේ ඉදන්
කෑ ගහනවලු

"මල්ලී... ,මල්ලිගේ කුඩේට මේ කඩේට අපු අය කුඩ දාලා ගනන් ගන්න එපා "

පොර වට පිට බලලා හෙමීට හැමවෙලේම දාන ලොකු හිනාව වෙනුවට පොඩි හිනාවක් දාලා මාරුවුනාලු වෙලා තියෙන්නෙ කඩේට ආපු අනිත් අය හිතලා තියෙන්නෙ එ කඩේට එන අයට කුඩ දාන්න තියපු බේසමක් කියලා.
Read On 0 comments

කොටපු ගාන

Free Counters

Followers

ආතල් e-Mail කර ගමුද?

Enter your email address:

Delivered by © පැපරාසියා

මොකද හිතන්නෙ මේ වැඩේ ගැන ?