සබඳ නුඹ මම UCSCමාතාවගේ සෙවනේ එක්ව සිප්සතර හදාරා එක බත්පත බෙදාගෙන කෑ කාලය නිම වෙන්නට කල් එළැඹී ඇත එහෙත් නුඹ මම ඒ එක්ව ගතකල කාලය කිසිකලක අප සිත් තුලින් අමතක නොවනු ඇත ඉතින් ඒ සුන්දරවු මතකය අවදි කර ඔබේ විඩාබර මොහොතට සිනහවකින් ජීවයක් ගෙනෙන්නට ඉතින් අවසර.......
ඕන්න ඉතින් විභාග,රැකියා ජරමර අස්සේ පොඩ්ඩක් පාඩුවේ හිටියා ඉස්සරහටත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්නම් ලොකු ඒවා පස්සේ හොදේ.......නයයි මුගටියයි-කැන්දුයි බම්බයි....,පොෂ් කෙල්ලන්ට පෙම් බදින අපේ පව් කොල්ලො....

UCSC එකේ වැලක්...

හා හා පුරා කියා මා වෙත ආ, මගේ පලමු හිතවතා ගේ කැමාරාවේ සටහන් වූ මේ අගනා රූප පෙල ඔබ වෙත ගෙන එන්නේ මහත් වූ සතුටෙනි. තවද, UCSC එකේ අප අතරේ සනිටුහන්වූ ආදරණීය මතකය සිහිපත් කර සතුටුවීමට මා හා එකතු වන ඔබ සාදරයෙන් පිළිගනීමටද මෙය අවස්තාවක් කර ගනිමි. 

 ගිය සතියෙ සිකුරාදා UCSC එකේ අන්තිම දවසෙ lectures වලට සහභාගී වෙන්න ආව අපි කවුරුත් ලඟ වෙනදා නොතිබුනු දුකක් හැංගිලා තිබුනා. අපේ අය ඉතින් ඉස්සර ඉඳලම දුකට සැපට දෙකටම කරපු දේවල් වලින් එකක්නෙ ඉතින් බකට් කරපු එක. ඉතින් ඔන්න අපේ එවුන් සිකුරාදත්, දිගට හරහට [වැලට] බකට් කරගන්න පටන් ගත්ත. ඔය අතරෙ පරන ඇරියසුත් ගන්න කට්ටිය අමතක කලෙ නෑ.......(බොරළුගොඩ ගල් වඩියා එහෙම)

ඉස්සෙලාම උනේ අපේ බනකටවත් නිදි මරනෙ නැති තලන්නගෙ බකට් එක.
 
තලන්නගේ බකට් එක ඉවර වෙලා ඒ අහින්සකයව කොට්ටම්බ කොල ගොඩක් අස්සෙ ගහන්නත් පතන් ඇතුලු මිතුරු කැළ අමතක කලේ නෑ.


ඔය අතරෙ, ගමයත් කොහෙදෝ යන කරුමයක් හින්දා, නුවර කෝච්චියේදි හදිසි අනතුරකට මුහුන දීල තුබුනා. මේ හදිසි අනතුර නිසා මිනිහට හදවත් සැත්කමක් කරල හාර්ට් එකට පොම්පයක් බද්ද කරන්න පවා සිද්ද වෙලා තියෙනව. ඉතින් මිනිහගෙ බකට් එකේදි, මේ හදවත් සැත්කම සිද්ද වෙච්ච හැටි ලැජ්ජාවක් නැතුවම ඔක්කොම ඉස්සරහ ගමයා වැමෑරුවා. මිනිහ වැමෑරුවාට මොකද, පොම්පෙනම් එච්චර හිත හොදින් හිටියෙ නෑ මේ සිදු කරපු එළිදරව්ව ගැන. සමහර විට පස්සෙ මිනිහට වැමෑරුව ඒව කන්න හිතෙන්න ඇති.   

ගමයගෙ බලන්න මෙතන ඔබන්න.

ඔන්න ඉතින් ඔය බකට එකෙන් පස්සෙ, කොට බඩ තඩි සොත්ති, උස හීන්දෑරි කන්න, එහෙමත් බකට උනේ පරණ ඇරියස් වලට.

ඔය අතරෙ, හන්තානෙ කදු නගිද්දි ගොඩගිය අපේ රංජිත් බාසුන්නැහේටත් කනේරු ගහ අස්සෙ ඇඹුල් කැරට් අලයක් කකා ඉද්දි වතුර පාරක් වැදිලා තිබුනා....
0 comments:

Post a Comment

ආතල් එකක් ගත්තනම් අපිටත් මොනවාහරි කියලා යන්න...

කොටපු ගාන

Free Counters

Followers

ආතල් e-Mail කර ගමුද?

Enter your email address:

Delivered by © පැපරාසියා

මොකද හිතන්නෙ මේ වැඩේ ගැන ?