සබඳ නුඹ මම UCSCමාතාවගේ සෙවනේ එක්ව සිප්සතර හදාරා එක බත්පත බෙදාගෙන කෑ කාලය නිම වෙන්නට කල් එළැඹී ඇත එහෙත් නුඹ මම ඒ එක්ව ගතකල කාලය කිසිකලක අප සිත් තුලින් අමතක නොවනු ඇත ඉතින් ඒ සුන්දරවු මතකය අවදි කර ඔබේ විඩාබර මොහොතට සිනහවකින් ජීවයක් ගෙනෙන්නට ඉතින් අවසර.......
ඕන්න ඉතින් විභාග,රැකියා ජරමර අස්සේ පොඩ්ඩක් පාඩුවේ හිටියා ඉස්සරහටත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්නම් ලොකු ඒවා පස්සේ හොදේ.......නයයි මුගටියයි-කැන්දුයි බම්බයි....,පොෂ් කෙල්ලන්ට පෙම් බදින අපේ පව් කොල්ලො....

කඩුවෙන් බැරිනම් මන්නයෙන්....


  
මේ කථාව ගෙතෙන්නෙ ලගදි ඉඳන් Networking මීටරයක් වේගන වේගෙන එන හාදයෙක් ගැන.
UCSC එකේ ශ්‍රී විභූතිය විදහා පාමින් පසුගිය දා නිමාවූ iFo++ අධ්‍යාපනික  ප්‍රදර්ශනයේදී තමා මේ අහස පොලොව නොහූලන කළබැගෑනිය මේ හාදයාට සිද්ද වුනේ.

ඇස්වහක් කටවහක් නෑ රට හතර දිග්භාගයේම පාසල් වලින් කොළඹ විශ්ව විද්‍යාලය පිරෙන්නම ළමයි ආව බව කවුරුත් දන්නවනෙ. ඔය අතර හිටිය කල්මුණේ ඉඳන්ද කොහෙද ආව චූටි නංගිලා ටිකක්. ඉතින් අපේ මේ අදාල පුද්ගලයත් දත කට මැදගෙන වුන්නෙ අතපය දිග ඇරල add එක දාල තමන් දන්න එකම දේ අර නංගිලා ටිකට උගන්වන්න.

මෙහෙම හිටියට මොකද, මිනිහගෙ නවදොරෙන්ම දුන් පිටවෙන්න ගත්තෙ, පස්සෙන්ම හිටගෙන හිටිය නංගි කෙනෙක් කිසිම බයක් සැකක් නතිව, සුද්ද සිංහලෙන්ම "Can you explain in English ayya " කියල කිවුවහම.මුන්දත් ඉතින් අත ඇරියෙ නෑ. ඔන්න ඉතින් තම අසීමිත පුරුෂ ලක්ෂන බොහොම අමාරුවෙන් අඟට ඇරගෙන "කඩ්ඩෙන් Networking" පාඩම, තේරෙන ඉංගිරීසියෙන් කරන්න පටන් ගත්ත.  

අනේ අවාසනාවක මහිම. අතපය දිග ඇරල add එක දාල "කඩ්ඩෙන් Networking" පාඩම උගන්වනව කෙසේවෙතත් කැඩිච්ච රෙඩියෝ එකක ප්‍රවෘත්ති අහනව වගේ තමයි ඔන්න දැන් වැඩේ යන්නෙ.

අනේ අර ඉන්ගිරීසියෙන්ම "Can you explain in english ayya" කියපු නංගි, කියපු මෝඩ කම කියල හිතිලද කොහෙද මේ අයියට ඈත ඉදන්ම කැඩිච්ච සිංහලෙන් කතා කරලා  "කමක් නෑ අයියා, ඔයා දන්න සිංහලෙන් කරන්න." කියලා කිවුවලු.

අනේ ඉතින් අපේ පොත්තා Networking උගන්වන්න ගිහින් වෙච්ච මේ අවමානය මතක් වෙද්දි තවමත් පොළොවෙ පස් කනවා...
9 comments:

ado machan "the truth" ubata me mokada une machan..


Can you explain in english ayya????????


Monawa unath umba ela kollek machan...!


Maxxa wadak


මෙම බ්ලොග් එක අපේ බැචාලා බැචියලාගේ සුන්දර මතකයන් නැවත අවදි කරවා සැමගේ මුවට සිනහවක් නැංවීමට දැරූ ප්‍රයත්නයක්ම පමණි. ඒ නිසා මෙහි කුණුහර්ප ප්‍රතිචාර දැක්වීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින අතරම. ජාතයක් නැති උන් ප්‍රතිචාර දැක්වීම වැලැක්වීම සඳහා Anonymous ප්‍රතිචාර දැක්විමේ හැකියාවද ඉවත් කරල ලද බව දන්වා සිටිමි.


Post a Comment

ආතල් එකක් ගත්තනම් අපිටත් මොනවාහරි කියලා යන්න...


Followers

ආතල් e-Mail කර ගමුද?

Enter your email address:

Delivered by © පැපරාසියා

මොකද හිතන්නෙ මේ වැඩේ ගැන ?